Colombo Today Local News

රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සිදුකිරීමට අවධානය

සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුකරවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (15)දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මෙරට ශ්‍රම බලකාය කළමනාකරණය ද සිදුකළ යුතු බවය.

මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

යටිතල පහසුකම් සංවර්ධනයට සීමා නොවී පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන එක්රැස් කරගන්නා දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

Related posts

කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි

colombotoday

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin

මාතරදී යාචකයෙකුගෙන් රෝස් පාන් දන්සලක්

colombotoday

නීතිවිරෝධි කහ සහ ගංජා ප්‍රවාහන කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අගමැති අද ජාතිය අමතයි.. විශේෂ ප්‍රකාශයකට ලෑස්තියි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday