Colombo Today Local News

රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සිදුකිරීමට අවධානය

සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුකරවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (15)දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මෙරට ශ්‍රම බලකාය කළමනාකරණය ද සිදුකළ යුතු බවය.

මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

යටිතල පහසුකම් සංවර්ධනයට සීමා නොවී පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන එක්රැස් කරගන්නා දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

Related posts

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

colombotoday

පොලිස් ලොක්කෝ අගමැති හමුවෙති !

colombotoday

රන්-මැණික් සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා අල්ලයි

Admin

පොලිසියේ 3ක් ඇතුළු 4කට නීතිය ක්‍රියාත්මක කර නෑ… ශානිට එරෙහිව පැමිණිල්ලක්!

colombotoday

ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛණිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ නිසා

colombotoday

බෞද්ධ විහාරස්ථාන උතුරෙන් ඉවත් කරන්න කාටවත් බෑ – ඇමති ස්වාමිනාදන්

colombotoday