Colombo Today Local News

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් එම අංශයේම සේවය කරන පොලිස් පරීක්ෂක කාන්තාවක් අද (06) පැමිණිල්ලක් කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 43 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.

ඉකුත් 04 වැනිදා තමන් සමඟ රැකියාව කරන රාජ්‍ය බුද්ධි අංශය වෙත ගිය බව පැමිණිලිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

එදින් රාජකාරී කර නිවසට තමා පැමිණියද සැමියා පැමිණියේ නැති බවත් ඊයේ (05) තම පුතාට දුරකතන ඇමැතුමක් ලබා දී තිබූ සැමියා නිවසට පැමිණීමට ප්‍රමාද වන බවක් පැවසී යැයි ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ලොකු ලූනු කිලෝවක් රුපියල් 700යි

Admin

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

යාපනයට මහ නියගයක්… වැව්, පොකුණු, ලිං සිදී යයි.. බොන්න වතුරත් නෑ !

colombotoday

නාගානන්ද නයිනටවන වංචා කාරයෙක්. ගාමිණි වියන්ගොඩ කියයි

colombotoday

අනුර දිසානායකයේ අයර්ලන්තයේ නිවස ගැන තොරතුරු හෙළිවේ !

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin