Colombo Today Local News

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

රජයේ මැති ඇමතිවරු සාම්ප්‍රදායිකව පවත්වන මාධ්‍ය හමුවලින් ඔබ්බට ගොස් වෙනස්ම ආකාරයක අදහස් දැක්වීමක් අද (18)දින දංකොටුව ප්‍රදේශයේ දී සිදුවිය.

ඒ වත්මන් රජයේ, රාජ්‍ය අමාත්‍යවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසක් උඩට නැගී මාධ්‍යයට අදහස් පළ කර සිටිම නිසා ය.

ලෝක වෙළෙඳපොළේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ලංකාව තුළත් පොල් මිල ඉහළ ගොස් ඇතැයි පොල්,තල්, කිතුල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.

දංකොටුවේ පිහිටි සිය වත්තේ පොල් ගසකට නැඟි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පොල් ගෙඩි කිහිපයක් ද කඩා බිම දැමු අතර පොල් ගසේ සිට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පොල් කඩන කම්කරුවන්ට ගසකට රුපියල් 100ක මුදලක් ලබා දිය යුතු බවය.

පොල් කැඩීම හා රා නිෂ්පාදනය සඳහා අවශ්‍ය කම්කරුවන් සොයා ගැනීම පවා මේ වන විට අපහසු වී ඇතැයි පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, පොල් මිල කෙතරම් ඉහළ ගිය ද පිටරටින් ගෙන්වීමට කටයුතු නොකරන බව ද පැවසීය.

අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසට නැඟීම සඳහා වරකාපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කළ යන්ත්‍රයක් උපයෝගි කර ගැනීම ද මෙහි විශේෂත්වයක් විය.

එම උපකරණය ඉදිරි මාස කිහිපය තුළ දී මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

colombotoday

උදයංග වීරතුංග මෙරටට ගෙනෙන්න බැරිවෙන ලකුණු

colombotoday

IMF නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර අද තවත් නිල සාකච්ඡාවක්

Admin

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

Admin

ජාතික ගීය දෙමළෙන් නොගයා රට ඉස්සරහට යන්න බෑ.. ආක්ෂක ලේකම් පිස්සෙක් !

colombotoday