Colombo Today Local News

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ.

පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

එම පත්කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24)දින නිකුත් කර අහ.

අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව සඳහන්ය.

ඒ අනුව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා ආර්. එම්. රත්නයක මහතා පත්කර ඇති අතර සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එම්. එන්. බි. හපුහින්න මහතා පත්කර තිබේ.

ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කළා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එස්. ටි. කොඩිකාර මහතා පත්කර ඇති අතර ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස රංජිත් අබේසිරිවර්ධන මහතා පත්කර ඇත.

ඩි. පි. ජි. කුමාරසිරි මහතා වතු නිවාස හා ප්‍රජායටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් ජි. සි. කරුණාරත්න මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය ලෙසත් පත්කර තිබේ.

Related posts

නාග ගෝත්‍රිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි.. ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..

colombotoday

අය වැය හිඟය පියවන විදිය රටට කියන්න

Admin

මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්

Admin

වව්නියාවේ සිංහල ජනතාවට ඡන්ද අයිතියත් අහිමිකරයි.. ඡන්ද විමසීමේ ආඥා පනතෙන් සිංහල ගම්මාන ඉවතට

colombotoday

“ආර්ථික සහන ඕන නම්, අපරාධ පනත වෙනස් කර හිරේ ඉන්න කොටින්ට සහනය දෙන්න“- යුරෝපා සංගමය

colombotoday

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක්.. උපත් ආබාධ සහිත බිලිඳුන් 5800 උපදී

colombotoday