Colombo Today Local News

රටවල් 7ක නායකත්වය ජනපති මෛත්‍රීට…

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් පස් වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත පිරිනැමිණි.

බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව ඊයේ (31 වැනිදා පැවති සමුළුවේ සමාප්ති අවස්ථාවේදී එහි නව සභාපතිත්වය මෙලෙස ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙත පිරිනැමිණි.

ඒ අනුව බිම්ස්‌ටෙක්‌ සමුළුවේ පස්‌වන රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.

බිම්ස්‌ටෙක්‌ සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බෙංගාල බොක්‌ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්‌ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමයි. වාණිජ, ආයෝජන, තාක්‌ෂණ, සංචාරක, මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්ම, ධීවර, ප්‍රවාහනය හා සන්නිවේදනය ඊට ඇතුළත්ය. අධ්‍යාපන වෘත්තීය හා තාක්‌ෂණික ක්‌ෂේත්‍ර සඳහා පුහුණු හා පර්යේෂණ පහසුකම් එකිනෙකට සැපයීම ද මෙහි අරමුණකි. ආර්ථික, සමාජ, තාක්‌ෂණික හා විද්‍යාත්මක ක්‌ෂේත්‍ර සඳහා ක්‍රියාකාරී සහයෝගීතාවක්‌ සහ අෙන්‍යාන්‍ය සහයෝගිතාව මෙමගින් සිදු කෙරේ.

Related posts

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්.

colombotoday

22 විවාදයට ලබන සතියේ දින දෙකක්

colombotoday

ජනපති,අගමැති කියන්නෙ බොරු… රාජපක්ෂ යුගයේ වංචාවක් ගැන බැදුම්කර වාර්තාවේ නෑ

colombotoday

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

colombotoday

පී සී ආර්. මගඩිය. 2000 කට්ටලය 4000 ට අරගෙන. සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කෙරේ.

colombotoday

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday