Colombo Today Local News

මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා… මෛත්‍රී වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කෑ එවුන් !

මෛත්‍රීට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි තමන් කී විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ එවුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දී මෛත්‍රීගේ තුරුළට ගිය වීරකුමාරලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව කථා කීරීමට අයිතියක් නොමැති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සම්බන්ධයෙන් ඊයේ (09) මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවේ මෙසේ ද පැවසීය,

” වීරකුමාර මන්ත්‍රීතුමා වල්ගේ පාගගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවුණු කිසිවෙකුට  ඡන්දය දෙන්න එපා යැයි මම කීව්වේ නෑ. මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු යහපාලන ආණ්ඩුවක් හදාගෙන රට විනාශ කරපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා උකුස්සා කථාව කිව්වට පස්සේ ඔහු නැවත ඒ දේ කරන්නයි සුදානම් වෙන්නේ. ඒකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මෛත්‍රීට ගෑවිච්ච කිසිකෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලයි. 2015 දි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද මහත්තයාගේ ඇගේ එල්ලිලා පාර්ලිමේන්තු  ගිය වීරකුමාර රටට ණය වෙලා ඩීල් දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අරගෙන අද කටමැත දොඩවනවා. මාගේ කථාවට එයාට රිදිලා. ඩීල්කාරයන්ට මගේ කථාව රිදෙනවා. එතුමා බල්ලෙකුගේ කථාවක් කියනවා. බල්ලෝ කියන්නේ කළගුණ දන්න ජාතියක්. හැබැයි මෛත්‍රී වෙනුවෙන් හරියට හූ කියන්න පුළුවන් නරියෙකුවත් නෑ කියලා  වීරකුමාර ඔප්පු කළා. එතුමාගේ කථාව නරියෙක්ගේ වගේ.

මාධ්‍යවේදියා – එතුමා කියනවා ඔබතුමාගේ මොළේ හොඳ  නෑ කියලා.?

උත්තරය – රටේ ජනතාව ඔහොම කියන අය ගැන තීන්දුවක් ගනී. මම කොතනද ඉන්නේ කියලා මේ රටේ ජනතාව දන්නවා අපිට තිබුණේ එක ස්ථාවරයයි. අපි ඔය වීරකුමාරලා වගේ දෙපැත්තට වැනුණේ නෑ. නියම ශ්‍රී ලංකාකාරයෝ වීරකුමාරලා වගේ නෙමෙයි. ඔය කවුරුත් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කියලා දෙන්න අවශ්‍ය නෑ.

මාධ්‍ය වේදියා – වීරකුමාරට අයිතියක් තියෙනවාද ශ්‍රී ලංකා එක ගැන කථා කරන්න.?

උත්තරය – ඔය වගේ හාදයෝ තමයි ශ්‍රී ලංකා එක විනාශ කළේ. පක්ෂයේ තනතුරක් ගත්තාම ඒක රැකගන්න කෑ ගහන්න එපැයි. බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ.

Related posts

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

colombotoday

කෝටි 12ක රන් තොගයක් රේගුවේදී අල්ලයි

Admin

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය

colombotoday

පක්‌ෂ නායකත්වයට නියම සුදුස්‌සා රවි කරුණානායක – හිටපු ඇමැති රත්තරන්(ක්‍රිෂාන්ත පුෂ්පකුමාර) කියයි

colombotoday

කොටින්ගේ සමූල ඝාතන හා ලංකා රජයේ නොහැකියාව.. දස වසරකට පසු ජෙගන් හෙළිදරව් කළ තිත්ත ඇත්ත

colombotoday