Colombo Today Local News

මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

අල්ලස් චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ මහානාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ ප්‍රතික්ෂේප කර තිබේ.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළ බව වාර්තාවේ.

තම සේවාදායකයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරය තුළ කොවිඩ් ආසාදිතයින් රැසක් හමුවී ඇති බව හා හෘද රෝගියෙකු වන ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

කෙසේවෙතත් සිය තීන්දු ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල පැවසුවේ විත්තිකරු තමන්ට නියම වී ඇති සිරදඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත්කර ඇති බවත් ඉදිරියේදී එය විභාගයට ගැනීමට නියමිත බවය.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දී තිබේ.

Related posts

“ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

colombotoday

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

colombotoday

ලංකාව හැර යන කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති

colombotoday

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday