Colombo Today Local News

මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා සියලු විසඳුම් දෙනවා – ජනපති

ත‍්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග‍්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ‍්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (08දා) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.

මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේ අපේ‍්‍රල් 21 වනදා සිදුවීම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නයක් නොව ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ත‍්‍රස්ත කි‍්‍රයාවක් බවයි.

මෙම ජාත්‍යන්තර ත‍්‍රස්ත කණ්ඩායමට එරෙහිව ලොව බලවත් රටවල් නැඟී සිටියදී ඊට සම්බන්ධවූවන් මෙරටින් විනාශ කර දැමීමේ මෙහෙයුම් අපගේ ආරක්ෂක අංශ මේ වන විට සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව  ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එබැවින් රටේ ජාතික සමඟිය සහ සංහිඳියාව පළුදුවන ආකාරයේ කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධවෙමින් ත‍්‍රස්තවාදයට කිසිදු ඉඩක් තැබීමට දායක නොවන ලෙස සියුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා රට තුළ ජාතික සමඟිය සහ සංහිඳියාව ශක්තිමත් කර ගැනීමට සියලුදෙනා කැප විය යුතු බව ද සඳහන් කළේය.

ආරක්ෂක අංශවල සිදුකරන ලද පැහැදිලි ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සමග මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු මේ වන විට නව මුහුණුවරක් සහ සැලැස්මක් ඔස්සේ කි‍්‍රයාත්මක වන බවත් එම වැඩපිළිවෙළ මඟින් සියලු පුරවැසියන්ට බියෙන්, සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කර තිබෙන බවත් ය.

ත‍්‍රස්තවාදය විනාශ කර දැමීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දි මෙම සිදුවීම හමුවේ පසුබෑමට ලක් වූ ජන ජිවිතය යථා තත්ත්වයට ගෙන එමින් ජනතාව අතර බිය, සැක දුරුකොට විශ්වාසය සහ අවබෝධය ගොඩනැඟමට රාජ්‍ය නිලධාරින් මැදිහත් විය යුතු බව ද ජනාධිපවරයා  කියා සිටියේය.

එසේම ඉස්ලාමීය ආගමික නායකයන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා ලබාදිය හැකි සියලු විසදුම් ලබාදීමට කටයුතු කරන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Related posts

කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටු

Admin

“ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ණය ගන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්” – හිටපු ජනපති

colombotoday

බොදු බල සේනා බලන්ගොඩ බොදු සමුළුව හෙට – සජීවී විකාශය Colombo Today අඩවියෙන්

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

colombotoday

මාර්ග නීති කඩකළ රියදුරන්ට දඩ ගෙවීමට සහනදායී පිළිවෙතක්

colombotoday