Uncategorized

මාතර , බෙලිඅත්ත පළමු දුම්රිය ධාවනය ලබන ඉරිදා

අභිනවයෙන් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙනි. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිත වේ.

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු වන්නේ අදියර තුනකිනි. එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි.

එහි දෙවැනි අදියර කිලෝමීටර් 48ක දුරකින්  යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාද, තෙවැනි අදියර කිලෝමීටර් 39ක දුරකින්  යුත් හම්බන්තොට සිට කතරගම දක්වා ද වේ.

 මෙයින් පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ඉදිකිරිමට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලයන 278.2 කි.

Related posts

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?

colombotoday

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin

වාස්ට ලැබුණු අලුත් තනතුර

colombotoday

සජිත්ගේ කැම්පේන් මැනේජර් මලික් !

colombotoday