Colombo Today Local News

පාස්කු කොමිසමේ වාර්තාවෙන් පසු අවශ්‍ය නම් නීතිත් වෙනස් කරනවා.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු විගස රටේ පවතින නීති වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු කරන බවත් ආරක්ෂක ක්ෂේත්‍රය සහ පරිපාලන ව්‍යූහයන් තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

එම කොමිසමෙන් අනාවරණයවන සාක්ෂි අනුව ජනතාව තුළ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල චකිතයක් ඇතිව තිබෙන බවත් අනාගතයේ නැවත මෙවැන්නක් සිදුනොවීමට අවශ්‍ය සියලු පියවර රජය ගන්නා බවත් පැවැසුවේ ය. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (26)දින පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මෙම ඛේදවාචකයට වගකිවයුත්තන්, මුදල් සැපයූවන් හා රැකවරණය ලබාදුන්නේ කවුදැයි ආදිය සොයා බලා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් අනාගතයේ නැවත මෙවැන්නක් සිදුනොවීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ සඳහා රටේ නීති වෙනස් කිරීමට අවශ්‍යද , ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ පරිපාලනය තව ශක්තිමක් කළ යුතුද ආදීය කෙරෙහි අවධානය යොමු කරන බව ද ඇමතිවරයා කීවේය. එම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුද සහභාගී වූහ.

Related posts

කැටගොඩ මන්තී‍්‍ර ධුරයේ දිවිරුම් දෙයි

colombotoday

රනිල් එලවන්න නුවර සිට පාගමන් ආ මෛත්‍රී ගුණරත්න කුරුදු පොලු තොගයක් සහ ගිනිඅවි සමග අත්අඩංගුවට

colombotoday

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

colombotoday

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday

සිරගත කිරීමට මොහොතකට කලින් මහ ගාලගෝට්ටියක් මැද ඤාණසාර හිමි කියපු දේ

colombotoday

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

colombotoday