Colombo Today Local News

දේශපාලන පත්‍රිකාවලට තමන්ගේ ඡායාරූප යොදාගැනීම ගැන කාදිනල්තුමාගෙන් නිවේදනයක්

මෙවර මහ මැතිවරණයේදී තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව ඇතැම් අපේක්ෂකයින් සිය මැතිවරණ දැන්වීම් සහ ප්‍රචාරක පත්‍රිකාවල, තමාගේ ඡායාරූපය භාවිත කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

තමා මුණ ගැසීමට පැමිණි අවස්ථාවන්වලදි ලබාගත් ඡායාරූප ඔවුන් මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරමින් සිටින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව දන්වා තිබේ.

අදාල නිවේදනය මගින් කාදිනල් හිමිපාණන් පෙන්වාදෙන්නේ තමා හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් සමග පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බවය.

තම හෘද සාක්ෂියට අනුව කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකු සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බව ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

colombotoday

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

Admin

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

Admin

ජිනීවා සමුළුව ඉලක්ක කර සිදුවන රණවිරු දඩයම නවත්වන්න. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනාධිපතිට ලිපියක්

colombotoday

කාදිනල්ගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් පරස්පර ප්‍රකාශයක් | පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි ලු.

colombotoday