Colombo Today Local NewsTop Stories

දින 50 කට පසුව රනිල් අරලියගහ මැදුරෙන් පිටවී ගෙදර යයි

ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ  නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම කොල්ලූපිටියේ  පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගියේය.රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ  මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ විගසම මහාචාර්ය මෛත‍්‍රී  වික‍්‍රමසිංහ මහත්මිය ඊයේ (16) දහවල්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව  ගියහ.

ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයෙන්  ඉවත් කිරීමෙන් පසුව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී  බලවේග ඒකරාශී කිරිම සදහා රනිල්  වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට තීරණය කළ අතර  මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය ද මුළු කාළය තුළම  එහි ගත කර ඇත.

ජාතික රජය 2015 ජනවාරි 08 වැනි දා පිහිටුවීමෙන් පසුව ඔක්තෝබර් 26 වැනි දා  දක්වා කාලය තුළදී රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත‍්‍රීන් දෙකක් පමණි.

Related posts

පොහොර සැපයීම සහතික කරන්න ඩොලර් මිලියන 600ක් අවශ්‍යයි

colombotoday

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

අවුරුදු 12ට අඩු සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ

colombotoday

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණෙයි

colombotoday