Colombo Today Local News

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මහා සංඝරත්නය ප්‍රමුඛව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මෙම කටයුත්ත සිදුකරන බවත්, ත්‍රිපිටකය නොමැති සෑම විහාරස්ථානයකටම ත්‍රිපිටකය ලබාදීමටත් කටයුතු කරන බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ත්‍රිපිටකය ලෝකයේ මුල්වරට තල්පත්වල ලේඛනාරූඪ කරනු ලැබුවේ ක්‍රි.පූ. 1 වන සියවසේ මාතලේ අලුවිහාරේදී බවත් 05 වනදින ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ උත්සවයද මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බවද සඳහන් කළේය.

Related posts

ජනපතිත් සමග වැඩ කිරීමට කැමතියි – රනිල් වික්‍රමසිංහ පවසයි.

colombotoday

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

colombotoday

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday

අවලාද මැදින් ආණ්ඩුව ඉස්සරහට ආවේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නයි – අගමැති රනිල් වික‍්‍රමසිංහ

colombotoday

ආණ්ඩු පක්ෂයේ ඝන පුර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවත්වා සීනුව නාද කරයි

colombotoday

තේ පොහොර නිෂ්පාදන මිලටම දෙන්න සමාගම් දෙකක් එකඟ වෙයි

Admin