වර්ෂ පහකට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආහාර හා සමූකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වීමෙන් හිටපු අමාත්‍යවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය වර්ෂ 5 කට අදාළ නඩු 05 සම්බන්ධයෙන්ම එම තීන්දුව ලබා දුන්නාය.
2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වසර 5ක කාලයක් තුළ වත්කම් බැරකම්
ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව නිසි බලධාරියා විසින් ඉදිරිපත් නොකර සිටීම
වරදක් ලෙස සඳහන් කරමින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් මෙම නඩුව
ගොනු කරනු ලැබ තිබිණි.