Colombo Today Local News

ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමේ වැඩ අවසන්…

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරගැනීම ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබද කටයුතුු මේ වන විට අවසන්ව ඇති බව විපක්ෂයේ ආරංචිමාර්ග කියා සිටී.

තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මීට මාස 3 කට පෙර මෙරට තානාපති කාර්යාලය මගින් ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ලන්ඩන් බලා ඉකුත් 26 දා පිටත්ව ගිය අතර ඉන්පසු ඔහු ලන්ඩනයේ සිට ඇමෙරිකාව වෙත පැමිණ තිබේ. මෙහිදී සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ අංශ වෙත ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වී තිබේ.

සිය පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කාර්යයන් නිමවූ පසු රාජපක්ෂ අප්‍රේල් 16 දා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු මෙම ජුනි මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතය.

Related posts

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

මාකඳුරේ මදූෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනී…

colombotoday

ඇත්තක්ද? බොරුවක්ද? ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න

Admin

මිලියන් 500ක් ඉල්ලා හිටපු ඇමති විජේදාසගෙන් “කැෆේ” කීර්තිට එන්තරවාසියක් !

colombotoday

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

colombotoday

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin