Colombo Today Local News

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 62ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 62 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සියලුදෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 527 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සියලුදෙනාට එරෙහිව ඉදිරියේදී නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මේ අතර කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 18ක තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මකවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

රථ වාහන වැරදි හතක් සඳහා අවම දඩය රු.25000යි – ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

ගැසට්ටුවක් රිවර්ස්

Admin

ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැර ගෙන කරපු වැඩේ

Admin

ලංවිම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Admin

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

colombotoday