Colombo Today Local News

කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී දෙදරු පියෙක් මරුට

මහරගම, අඹගහපුර, සමාධි මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉදිකර තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් සහ කණුවක් ඉවත් කිරීමට ගිය පුද්ගලයෙක් ඊට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේ මිය ගොස් ඇත්තේ, නක්කාවිට, දැරණියගල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.

පිළියන්ද පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත් ආයතනයක සේවය කළ එම පුද්ගලයා අනතුර සිදුවු නිවසේ සේවය සඳහා ඊයේ (12)දින උදෑසන 7.30ට පමණ ගොස් තිබේ.

එහිදී කොන්ත්‍රාත් සමාගමේ අයිතිකරු විසින් කොන්ක්‍රීට් තට්ටුව හා කොන්ක්‍රීට් කණුව කඩා ඉවත් කිරීමට උපදෙස් දී ඇත.

ඒ අනුව කොන්ක්‍රීට් කපන යන්ත්‍රියකින් කොන්‍ක්‍රීට් තට්ටුව මැදින් කපා පෙරළීමට සුදානම් ව සිටි අවස්ථාවේ දී කොන්ක්‍රීට් තට්ටුව එකවරම ඔහුගේ ඇඟ මතට කඩා වැටී තිබේ.

කොන්ක්‍රීට් තට්ටුව අතර සිර වී සිටි පුද්ගලයා බේරා ගැනීමට කොන්ත්‍රාත් සමාගමේ අයිතිකරු හා නිවෙස් හිමියා බැකෝ යන්ත්‍රයක් කැඳවා උත්සහ කළ ද එය අසාර්ථක වී ඇත.

පසුව අදාළ ස්ථානයට පැමිණි මහරගම කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඩග්ලස් රූපසිරි මහතා සහ මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුර කළුබෝවිල රෝහලට ගෙන ගොස් තිබේ.

සිද්ධිය වු ස්ථානයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලීසිය පවසයි.

Related posts

ගජබින්න ඇද බාන්නේ කවුද? කවුරුන් හෝ ජනපති අන්දමන්ද කරනවාද? ජනපති යම් ව්‍යාධියකින් පෙළෙනවාද?

colombotoday

මාගේ දැඩි උත්සාහය මත සාර්ථකත්වය අත්කර ගත්තා- මෛත්‍රීපාල සිරිසේන

colombotoday

ආච්චිගේ හැට හැවිරිදි පෙම්වතා මිනිපිරිය කෙළෙසයි

colombotoday

අඩු වුණු පෙට්‍රල් වැල නව මිල මෙන්න

colombotoday

ප්‍රා. සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරීවරියක් සමග සහන මල්ලට කෙහෙවලු පටල ගනී | ග්‍රාම නිලධාරිනිය රෝහල් ගත වෙයි

colombotoday

කුඩු ලාල්-රූබන්-නිපුණ- ඊයේ ඇල්ලු ‘අයිස්’ කිලෝ 125ක හිමිකරුවන්ගේ වතගොත වමාරි.

colombotoday