Colombo Today Local News

කුණාටු තත්ත්වය හේතුවෙන් ගාලු වරායේ නැවක් ගසාගෙන යයි

ගාල්ල පිටත වාරයේ නැංගුරම්ලා තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නම් නැවක් නැංගුරම කඩාගෙන, ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසළ ගල් පරයක වැදි සිර වී තිබේ.

මේ නැවේ 15ක පමණ පිරිසක් සිටින බවද පොලිසිය කියයි.

ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද නැවක් එහි සිටි නාවිකයින්ද සමග මෙසේ ගසාගෙන ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

මේ වනවිට ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට තද සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර මුහුද ඉතා රළු වෙමින් ඇති හෙයින් එම ස්ථානයට යාමටද අපහසුවී ඇතැයිද පොලිසිය පවසයි.

මෙම නෞකාවේ පිරිස බේරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවද පැවසේ.
.
ඡායාරූප – විලේගේ අමර ධනංජය

Related posts

ගාල්ලේ කන්දක් නාය යයි

Admin

රටඉඳි බද්ද රුපියලට අඩු වෙයි

colombotoday

පාසල් යලි අද සිට ආරම්බ වේ.

Admin

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin

කොකු චමින්ද හෙරොයින් සමග අල්ලයි

colombotoday

කේරළයේ 21 ක් ලංකාව හරහා ගොස් ISIS ත්‍රස්තයන්ට එකතු වෙලා.. මුම්බායි පොලීසිය හෙළි කරයි

colombotoday