Colombo Today Local NewsHot News

කේරළයේ 21 ක් ලංකාව හරහා ගොස් ISIS ත්‍රස්තයන්ට එකතු වෙලා.. මුම්බායි පොලීසිය හෙළි කරයි

IsIs 232ඉන්දීය කේරළ ප්‍රාන්ත වැසියන් විසිඑක්‌ දෙනකු ඉකුත් ජනවාරියේ සිට ජූලි දක්‌වා මාස හතක්‌ තුළ ශ්‍රී ලංකාව හරහා සිරියාවට ගොස්‌ ඉස්‌ලාමීය අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ වී ඇතැයි මුම්බායි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයන් ශ්‍රී ලංකාව හරහා සිරියාවට පිටත් කර යෑවූ මුස්‌ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් මුම්බායි පොලිසිය මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඉස්‌ලාම් අයිඑස්‌ ත්‍රස්‌තවාදී සංවිධානයේ කටයුතුවලට ශ්‍රී ලංකාව භාවිතා කරන බවට ඉන්දීය ආරක්‍ෂක අංශ ඉකුත් මාස දෙක තුළ හෙළි කර ගත්a දෙවන අවස්‌ථාව මෙය වේ.

අයිඑස්‌ ත්‍රස්‌තවාදීන් සමග සබඳතා පවත්වමින් ශ්‍රී ලංකාව හා සම්බන්ධව සිටි මුස්‌ලිම් ජාතිකයකු මීට මාසයකට පමණ පෙර ඉන්දීය ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුම්බායි පොලිසිය ඉකුත් සිකුරාදා කේරළ ප්‍රාන්තයේ සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම මුස්‌ලිම් ජාතික සැකකරු ඉකුත් මාස තුනක පමණ කාලයේදී කේරළ වැසියන් දස දෙනකු මේ අන්දමින් ශ්‍රී ලංකාව හරහා අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ කර ඇතැයිද මුම්බායි පොලිසිය හෙළි කරගෙන ඇත.

දිවයින

Related posts

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

colombotoday

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

අගමැතිගෙන් සාක්ෂි විමසන්නේ නීතිපති පමණක් නම් බැඳුම්කර කොමිසමත් නාටකයක් වන ලකුණු !

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් බලහත්කාරයෙන් ඡන්ද වැඩවලට – හිටපු ඇමතිවරයෙකුගෙන් පැමිණිළි

colombotoday

බිලයන 66ක බැදුම්කර වෙන්දේසියක් කැදවයි.. බැදුම්කර මගඩි සමාගමත් ලංසු තියයි !

colombotoday

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

colombotoday