Colombo Today Local News

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

wim+gossip-lanka (1)

අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි සොයාගත නොහැකිව කැබිනට්‌ සහ රාජ්‍ය ඇමැතිවරු තිහකට ආසන්න සංඛ්‍යාවක්‌ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මෙම ඇමැතිවරු සියලු දෙනා තම අමාත්‍යාංශ පිහිටුවීම සඳහා ගොඩනැඟිලි සොයන්නේ කොළඹ නගරය තුළින් වීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශ සඳහාම ඉදිකළ බත්තරමුල්ල සෙත්සිරිපාය නව ගොඩනැඟිල්ල ද කල් තියා සමහර ඇමැතිවරුන් විසින් වෙන්කරගෙන ඇති නිසා සෙසු ඇමැතිවරුන්ට එහි ඉඩකඩ නොමැති බව ද ඉහත ප්‍රකාශකයා කීවේය.

බොහෝ ඇමැතිවරුන් කොළඹ හා ඊට ආසන්නව තම අමාත්‍යාංශ ආරම්භ කිරීම සඳහා සොයන්නේ පුද්ගලික ගොඩනැඟිලි බව ද ඒ සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමක්‌ මෙතෙක්‌ කර නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර අමාත්‍යාංශවලට විෂයයන් පැවරීම සම්බන්ධයෙන් කැබිනට්‌ ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර ද මේ වන විට ගැටුම් නිර්මාණය වී තිබෙන බව ඔහු පැවසුවේය.

කැබිනට්‌ ඇමැතිවරයා විසින් අදාළ අමාත්‍යාංශ යටතේ ඇති වැදගත් විෂයයන්, ආයතන සහ මණ්‌ඩල ඔවුන් යටතට පවරාගෙන ඇතැයි ද තමන්ට කිසිදු වගකීමක්‌ ලබා දී නැතැයි ද රාජ්‍ය ඇමැතිවරු චෝදනා කරන බව ද කී හෙතෙම ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන්ට හිමි වාහන පවා කැබිනට්‌ ඇමැතිවරුන් විසින් පවරාගෙන ඇතැයි ද කීය.

මේ නිසා රාජ්‍ය ඇමැතිවරු ගණනාවක්‌ දැඩි කලකිරීමකින් යුතුව පසුවන බව ද කැබිනට්‌ ඇමැතිවරුන් විසින් පවත්වන පුවත්පත් සාකච්ඡා සඳහා ද රාජ්‍ය ඇමැතිවරුන්ට කැඳවීමක්‌ නොකරන බව කීය.

Related posts

ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්

colombotoday

CIDය ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන සත්‍ය යටපත් කරනවා – නාමල් කුමාර

colombotoday

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday

අවදානම් තත්ත්වය දැනුම්වත් කල නිවසක් මතට පස් කන්දක් කඩාවැටී 4ක් අතුරුදන්

colombotoday