ජනපතිගේ ඉන්දියානු හා ජපන් සංචාරය අවසන් වූවායින් පසු විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත්, ඉදිරියේදී සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතළ තීන්දුවක් ගන්නා බවත් ධීවර අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සංවිධානය කොට තිබූ මොරගහකන්ද ජලාශයට අනුබද්ධ ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට (11දා) දහවලේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඔළු ගෙඩි පමණක් මාරු කිරීමෙන් අමාත්‍ය මණ්ඩල මාරුව සිදු නොකොට විද්‍යානුකූල පදනමක් මත ඇමති මාරුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයිද හෙතෙම එහිදී සඳහන් කෙළේය.