වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කළ ආකාරය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව සමගි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණයට පෙර ගෙන ගිය වැඩපිළිවෙල හා මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩලය නම් කිරීම අතර පරස්පරතා පවතින බවයි.
කෙසේවෙතත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ආණ්ඩුව සිදුකරන යහපත් කටයුතු වෙනුවෙන් සහය ලබාදීමට තම කණ්ඩායම සූදානම් බවයි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම අදහස් පළ කළේ අද (16)දින පෙරවරුවේ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්