Colombo Today Local Newsfeatured

ඔබ තමයි ශ්‍රී ලංකාවේ වීරයා. ඔබ ආඩම්බර වෙන්න. – විරතු හිමිගෙන් ඥානසාර හිමිට පණිවුඩයක්


මියන්මාර 969 සංවිධානයේ පුජ්‍ය අෂින් වීරතු හිමි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකර සිටියා. ඒ මියන්මාරයේ මැන්ඩලේ නුවර උන්වහන්සේ වැඩසිටින විහාරස්තානයේදියි.

“මම කැමති අපේ මිතුරු ඥානසාර හිමිට පණිවුඩයක් ලබා දෙන්න. ඔබ ඔබේ ජීවිතය සහ නිදහස, ජාතික අරගලය වෙනුවෙන් අනතුරකට පත් කරගැනීම ගැන අනිවාර්යයෙන්ම ආඩම්බර විය යුතුයි.”

“අපි අපේ ජීවිත අනතුරකට පත් කරගෙන තිබෙනවා. තමන්ගේ ජීවිතය ජාතිකත්වය වෙනුවෙන් කැපකළ පුද්ගලයින්ට සියලුම ජනතාව ආදරය කරනවා. ඒ වගේම වීරයෙක් ලෙස ගරු කරනවා. ඉතින් ඔබ සිරගෙදර සිටීම ගැන කණගාටු වෙන්න එපා. ඔබ ආඩම්බර විය යුතුයි සහ සතුටු විය යුතුයි. හරි දෙය වෙනුවෙන් පෙනී සිටින්නා අද දවසේ වැරදිකරු උවත් අවසානයේදී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරනු ලබනවා. ඔබ තමයි ශ්‍රී ලංකාවේ වීරයා. මියන්මාරයත් (බුරුමය) ඔබව බලාපොරොත්තු වෙනවා. ඔබගේ සෞක්‍ය තත්වය ගැන සැලකිලිමත් වෙන්න. අපි සියලු දෙනා ඔබගේ ඉක්මන් නිදහස බලාපොරොත්තු වෙනවා.”

මේ අතර ඥානසාර හිමි වෙත ලබාදීම සඳහා විශේෂ සමරු තිලනයක්ද පුජ්‍ය අෂින් වීරතු හිමි ලබා දී තිබෙනවා.

Related posts

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ වැටුපට වෙන්න යන දේ

Admin

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක්

Admin

ආපදා මරණ 16 දක්වා ඉහළට… 127913ක් පීඩාවට පත්වෙයි.. මහ වැසි තවදුරටත්

colombotoday

ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් නාකොටික් නිලධාරීන් ගැන රහස් ප්‍රකාශයක්

colombotoday

කොටි නායක එමිල් කාන්තන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අධිකරණය ඉවත්කර ගනී.

colombotoday