Colombo Today Local NewsHot NewsUncategorized

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

ත්‍රීකුණාමල නාවික කදවුරේ පවත්වාගෙන ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරන රහසිගත වධ කදවුර පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා නාවික හමුදා නිධාරීන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුදන් වූවන් පිළිබදව තොරතුරු සෙවීම සදහා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිස පසුගිය 18වනදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ ත්‍රිකුණාමල නාවික හමුදා කදවුර නිරීක්ෂණය සදහා තමන් ගිය බවත් එහි රහසිගත වධ කදවුරක් පවත්වාගෙන ගිය බවට තමන් තහවුරු කරගත් බවයි. අදාළ හමුදා නිළධාරීන් තිදෙන අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසේ එම චෝදනාව සම්බන්දයෙන් ප්‍රශ්න කිරීම සදහා බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් නිලධාරීන්ගේ නම් මෙතෙක් හෙළිවී නැහැ.

ලොව කිසිදු රටක් මේ ආකාරයෙන් තම රටේ කවර හෝ ආරක්ෂක මූලස්ථානයක් විදේශීය කණ්ඩායමකට පරීක්ෂා කිරීමට ඉඩ නොදෙන බවත්, පිටස්තර කණ්ඩායමක් විසින් මෙරට ආරක්ෂක හමුදා කදවුරක් නීරීක්ෂණය කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවයි නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ. එම ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට එක්සත් ජාතීන්ගේ කණ්ඩායම නාවික කදවුරු කඩාපැන ඇත්තේ ද්‍රවිඩ දේශපාලකයන් කිහිප දෙනෙකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්ථානයේ රදවා සිටින බවට කළ පැමිණිල්ලක් මත බවයි පැවසෙන්නේ.

ගෝටාස් කෑම්ප්

ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේ “‍ගෝටාස් කෑම්ප්” නමින් රහසිගත වද කදවුරක් පවත්වාගෙන යන බව රාජ්‍ය නොවන සංවිධාන මගින් චෝදනා කර තිබුණත් මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.

මේ අතර විදේශ අමාත්‍යාංශය 19 බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර එහි ප්‍රකාශිකා මහිෂිනී කොලොන්නේ ප්‍රකාශ කළේ පැවති කවරාකාර හෝ බියවැද්දීම සහ අඩන්තේට්ටම් පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට රජය සූදානමින් සිටින බවත්, ඒ පිළිබදව එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට දැනුම් දෙන ලද බවයි.

Related posts

ලක්ෂ 70 ක කහ තොගයක් මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී අල්ලයි

colombotoday

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණොත් වහාම රෝහල් ගත කරන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

colombotoday

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

ජෝන්ද සිල්වා රඟහල විකිණීමට සූදානම්.. යහපාලන කලාකරුවෝ ආණ්ඩුවට එරෙහිව අවි අමෝරති !

colombotoday

කුවේටය වසා දමයි… ගුවන් ගමන් අත්හිටුවයි… සියළු පොදු ස්ථාන වසා දමා රටම නිරෝධනය කරයි !

colombotoday