Colombo Today Local News

එංගලන්තෙන් ගෙනා කුණු කන්ටේනර් තොගය ආපසු යැවීමට නියෝග…

එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කුණු කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය කොළඹ වරායට ගොස් එම කන්ටේනර් පරික්ෂා කිරීමකින් පසුව මෙසේ උපදෙස් දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවසීය.

එම කන්ටේනර්වල තිබු පාවිච්චි කළ මෙට්ට තොගයෙන් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි යැයි ද ඒ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව දැනුවත් කළ බව ද කී ඉන්ද්‍රරත්න මහතා පාවාච්චි කළ මෙට්ට ආනයනය කරන බවට මෙකී ආනයනය කළ සමාගම රේගුවට ප‍්‍රකාශ කර තිබුණ ද එම කන්ටේනර්වල තිබුණේ කසල ගොඩක් බවට පත්ව තිබු මෙට්ට තොගයක් බව ද කීය.

මෙට්ට තොගයක් බව කියැවෙතත් එහි අඩංගු දේ හැඳින්විය හැක්කේ කුණු ගොඩක් වශයෙන් යැයි ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී මරා දාලා

Admin

අයවැය බදු ඉවත්කර ගනු – බස් ගැමුනුත් වර්ජනයකට සැරසෙයි

colombotoday

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

Admin

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin