Colombo Today Local News

ඇමතිවරු මාරුවෙනකොට ප්‍රතිපත්ති මාරුවෙන්න බෑ – ගෝඨාභය රාජපක්ෂ

අපිත් අනාගතයේ දී ඇති කළ යුතු පළමු දේ තමයි ස්ථාවර රටක්. එහෙම නැතිව කිසිවෙකු තුළ අපේ රට පිළිබඳ විශ්වාසයක් ගොඩනගන්නට බෑ. යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසූවේ ගම්පහ, දිවුලපිටිය සෙනුරි ගාඩ්න්ස් උත්සව ශාලාවේ දී පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද අපේ රටේ පවතින අස්ථාවරභාවය නිසා අපේ රටේ ආයෝජකයන් පවා වෙනත් රටවල ආයෝජන කරන්න පෙළඹිලා තියෙනවා.

ඊළගට ප්‍රතිපත්ති වල ස්ථාවරභාවයත් ඉතා වැදගත්. ඇමතිවරු මාරුවෙනකොට ප්‍රතිපත්ති මාරුවෙන්න බෑ. එදා යුද්ධෙ ඉවර කරනවා කියලා අපි ගත්ත ප්‍රතිපත්තිය යුද්ධය අවසාන වන තුරු රැක්කා. කෘෂිකර්මාන්තය පිළිබඳ ස්ථිර ප්‍රතිපත්තියක සිටියා. ඒ හරහා අපිට පුළුවන් වුණා රට සහලින් ස්වයංපෝෂිත කරන්නට.

යටිතල පහසුකම් දියුණු කරන්නටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසි ප්‍රතිපත්තියක සිටියා. හැබැයි වර්තමාන රජය පැමිණි විගස ඒවා සියල්ල නතර කළා. රජයක් වෙනස් වූ පමණින් එසේ ප්‍රතිපත්ති වෙනස් වෙනවානම් ආයෝජකයන් අපේ රටට පැමිණෙයි ද ? ඒක තමයි පසුගිය වසර හතර හමාරක් තුළ කිසිදු වැදගත් ආයෝජකයෙක් මේ රටට ගේන්න බැරිවෙලා තියෙන්නේ.

අපි හදන්න ඕනේ ජාතික ප්‍රතිපත්තියක්. විනිවිද භාවයත් ඉතා වැදගත්. ඕනෑම දෙයක් වැරදියට කළොත් හරි ප්‍රතිඵලයක් එන්නේ නෑ. කවුරු චෝදනා කළත් යුද්ධය අවසාන කිරීමේ හරි ප්‍රතිඵලයක් අපිට ආවේ අපි ඒක හරියට කළ නිසා.

වර්තමාන රජය අවුරුදු හතරහමාරක් තිස්සේ මහා පරිමාණ සැලසුම් ගැන කතා කරනවා. නමුත් අද වෙනකම් ඒවා ක්‍රියාත්මක වෙලා නෑ. එදා අපේ කාලයේ සමහර විට තීරණ ගැනීමට අවුරුදු දෙක තුන ගතවෙන ආයෝජන සතිදෙකෙන් තීරණ අරගෙන නිමා කරලා ඔවුනට ආයෝජනය කරන්න ඉඩ සලසලා දුන්නා. මේවගේ සැලසුම් තමයි අපි නැවතත් ගෙන එන්නට අවශ්‍ය. අපේ ඉදිරි සැලසුම් අපි දැන් හදමින් යනවා. ඉදිරි කාලයේ දී අපේ රජයක් පත්වූ විගස ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්.

Related posts

මහලේකම් ධුරයෙන් දයාසිරි නෙරපයි

Admin

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

colombotoday

චන්දිමාල් ගේ උපන්දින පාටියට අවසර දීම. ෂැන්ග්‍රි-ලා හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව නඩු

colombotoday

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය24ක ජල කප්පාදුවක්

Admin

කිළිනොච්චි කුමාරසාමිපුරම් ප්‍රාථමික විද්‍යාලය අසලින් ආයුධ හා පුපුරණද්‍රව්‍ය හමුවේ.

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday