Colombo Today Local News

ආන්දෝලනයට තුඩුදුන් ඉන්දියාවේ සිට පැමිණි පිරිස ගැන හමුදාපති කරුණු හෙළිකරයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුර නිර්මාණය වූ ඇඟලුම්හල වෙත විදේශිකයින් 60 දෙනෙකු මත්තල ගුවන් තොටුපල හරහා මෙරටට ගෙන ආ බව ඊයේ (07)දින සමාජ මාධ්‍ය ජාලා තුල දැඩි ආන්දෝලනාත්මක කරුණක් වුණා .

මේ පිළිබඳව අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ 60 දෙනෙකු නොව 48 දෙනෙකු එලෙස මත්තල ගුවන්තොටුපල හරහා මෙරටට පැමිණි බවයි.

එමෙන්ම අදාළ ආයතනයේ ඉල්ලීම පරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක ඔවුන්ව නිරෝධායනය කල බව හමුදාපතිවරයා සඳහන් කළා.

අදාළ පිරිස යුධ හමුදාවේ ආරක්ෂාව යටතේ දින 14ක් නිරෝධායනය වූ බව ඉතා වගකීමෙන් පවසන බව හමුදාපතිවරයා පැවසුවා.

Related posts

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

ජනවාරි 20න් පසු කාලගුණයේ වෙනසක් !

colombotoday

රුසියාවේ ස්පුට්නික් එන්නත් තොගයක් අඟහරුවාදා දිවයිනට

colombotoday

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

colombotoday

අද,හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දීය පූජකවරයෙක් රනිල්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි

colombotoday