Colombo Today Local News

අරමුදල් හිස් වේ… මහපොළත් කැපෙන ලකුණු

විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ආධාර ලබාදීම සඳහා මේ වනවිට මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ මුදල් ප්‍රමාණවත් නොවී භාණ්ඩාගාරයෙන්ද මුදල් ලබා ගැනීමට සිදුව ඇති තත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.

බැංකු පොලිය අඩුවීම, ශිෂ්‍යත්ව ලබන මුදල වැඩිවීමට හා ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව වැඩිවීම යනාදී හේතූන් නිසා අරමුදලේ මුදල් ප්‍රමාණවත් නැතැයි පැවසේ. ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 1.2ක මුදල ලබා ගන්නේ රුපියල් බිලියන 9ක් ඇති මහපොළ අරමුදල් පොලියෙනි.

මේ තත්වය මත ඉදිරියේදී මහපොල ශිෂ්‍යාධාරය ලබා දීම ගැටළුකාරි තත්වයකට පත්ව ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් කියා සිටියේය. සිසුන් 14,000කට ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.

Related posts

එජාප නව සන්ධානයේ මහ ලේකම් රවී !

colombotoday

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

colombotoday

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

Admin

රනිල් ඉවත් වෙන පාටක් නෑ.. ප්‍රතිසංවිධානයකුත් නෑ.. සාකච්ඡා පලක් නෑ – රංග් බණ්ඩාර

colombotoday

මෙරටින් පිටනොවූ බ්‍රිතාන්‍ය තරුණිය අත්අඩංගුවට

colombotoday

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday