Colombo Today Local News

මෙරටින් පිටනොවූ බ්‍රිතාන්‍ය තරුණිය අත්අඩංගුවට

ගාලු මුවදොර අරගලයට එක්වෙමින් වීසා කොන්දේසි කඩ කළ බවට චෝදනා පිළිගෙන රටින් පිටවීමේ නියෝගය නොතකා සැඟවී සිටින බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තරුණිය වහාම අත්අඩංගුවට ගෙන මිරිහාන රැඳවුම් කඳවුරට යැවීමට ආගමන විගමන නිලධාරීන්ට නියෝග කර ඇත.

ඒ ආරක්ෂක අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් මතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහායට ඇය සොයා විමර්ශන අරඹා තිබේ.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ස්කොට් ජාතික කේලි ෆේසර්ට මෙම 15 දාට පෙර රටින් පිටව යන ලෙස නියෝග කර තිබුණේ ඇයට එරෙහිව එල්ල වන වීසා කඩකිරීමේ චෝදනා පිළිගත් පසුවය.

දැනටමත් මෙම විදෙස් කත සැඟවී සිටින තොරතුරු මෙන්ම ඇයට මෙරට සිට උදව් උපකාර දෙන ඉහළ නිලධාරීන් ගැන අනාවරණය වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කර සිටි.

අත්අඩංගුවට ගත් පසුව ඇයව විදෙස් ගතවීමට ගුවන් ටික්ට් පත් ලැබෙන තුරු මිරිහාන ආගමන විගමන කඳවුරේ රැඳවීමටත්, අසාදු ලේඛන ගතකර (Black Listed) ඇයව පිටුවහල් කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.

Related posts

සතොස භාණ්ඩ 07ක මිල අද සිට අඩුකරයි

Admin

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

කප්පම් නොදුන් ව්‍යාපාරිකයාට පහරදුන් පාතාලයේ චමීගේ ගෝලයෝ අත්අඩංගුවට

colombotoday

ජනපතිගේ තීරණයට එජා. මහලේකම්ගෙන් පැසසුම්.. ඇමරිකානු තානාපතිටත් සතුටුයි !

colombotoday

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

colombotoday