Colombo Today Local News

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන අරඹන ලෙස ජනපති කර්මාන්තකරුවන්ට කියයි

දීර්ඝ කාලයක සිට සිදුකළ අත්‍යවශ්‍ය නොවන ආනයන දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇති සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්රීපය ආර්ථිකයට ගමන්මග සකසා ඇති බවයි.

දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපල ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වු අන්තර් අමාත්‍යාංශ කාර්යය සාධක බලකාය සහ ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සමග ඊයේ (22)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම නව කර්මාන්ත බිහිකිරීම සහ රටට නව තාක්ෂණය හඳුන්වා දීම වැනි ව්‍යාපාරිකයින් විසින් කළ යුතු බොහෝ දේ ඇති බවත් රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම සහ සපයන සෑම සේවාවකම ගුණාත්මක භාවය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට උත්සාහ කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

කර්මාන්තරුවාගේ සහයට රාජ්‍ය යාන්ත්‍රනයේ සියලු ආයතන පෙළ ගස්වා ඇති බැවින් ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කරන කොස්ස ඉදලේ සිට බෙහෛත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදනය වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවන්ගෙන් තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related posts

සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

colombotoday

මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් නාගානන්ද කොඩිතුවක්කු සුදුසු නැත.

colombotoday

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරන පුණ්‍ය මහෝත්සවය සජීවීව

colombotoday

නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමති සමග විවාද එපා. මහින්දට අවවාදයක්

colombotoday