Colombo Today Local News

රවී අසාර්ථකයි – ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටේ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව අගමැතිට

ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිකිරීම් සහ සංචාරක යන ක්ෂේත්‍ර හැරුණු විට අනෙක් සියලු ක්ෂේත්‍ර දරුණු හැකිළීමක් සහ කඩාවැටීමක් පෙන්වන බවත් පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක ලබා දී ඇති දායකත්වය, සිදුකර ඇති මැදිහත්වීම සම්බන්ධව කොහෙත්ම තෘප්තිමත් විය නොහැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දකුණු ආසියානු නියෝජිතයන් විසින් සකස් කළ විශේෂ වාර්තාවක සඳහන් වන බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා රජය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා උපදෙස් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලොහාර්ඞ් මහත්මිය මාර්තු 06 මෙරට සිදු කරන සංචාරය අළලා 2016 වසරේ මෙරට ආර්ථිකයේ ප්‍රගතිය විමර්ශනය කර සකස් කර ඇති බව පැවසෙන මෙම වාර්තාවේ නිරීක්ෂණ ලොහාර්ඞ් මහත්මියගේ සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට අදාළ වාර්තාව සකස් කිරීමේ දී 2016 අයවැය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, බදු ක්‍රමය, දේශීය සහ විදේශීය ණය අඩුකර ගැනීම, රාජ්‍ය අංශයේ දූෂණ ඇතුළු ආර්ථිකයට ඍජුවම අදාළ අංශ රැසක් ආවරණය කරමින් සකස් කර ඇත

එහි දී මෙරට ණය පියවා ගැනීමට ගත් ක්‍රියාමාර්ගවල අසමත් බව මෙන්ම රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම වෙනුවෙන් බදු ප්‍රතිපත්තිය නිවැරැදිව සකස් කරගැනීමට අපොහොසත් වීම සහ ඒ වෙනුවෙන් අගය කළ හැකි මට්ටමේ ගත් කිසිදු පියවරක් නොමැති වීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ බරපතළ විවේචනයට ලක්ව ඇත.

මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මාසිකව රුපියල් බිලියන 8ක පාඩුවක් වාර්තා කිරීමත් රාජ්‍ය අංශයේ දූෂණය පාලනය කර ගැනීමට උනන්දුවක් නොදැක්වීම සහ පාඩු ලබන ආයතන සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව ද වාර්තාවේ විවේචනයට ලක්ව ඇති බව ද වාර්තා වෙයි.

Related posts

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යයට යයි

Admin

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි

colombotoday

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

colombotoday

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin

බලඇණි 33ක් අහෝසි කරයි… හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසේ

colombotoday