Colombo Today Local NewsHot News

ලංකාවෙන් නොමිළේ ශරීයා නීති උපාධියක්.. දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ

ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම, ශරීයා නීතිය ප්‍රචලිත කිරීම පදනම් කරගනිමින් දකුණු ආසියාවේ දැවැන්තම ඉස්ලාමීය විශ්ව විද්‍යාලයක් මේ වන විට මඩකලපුව පූනානි හි ඉදිකෙරමින් පවතී.

මූල්‍ය අනුග්‍රහය සෞදි අරාබියෙන්.. සම අනුග්‍රහය ශ්‍රී ලංකා රජයෙන්

රුපියල් මිලියන 1500 ක වියදමින් ඉදි කෙරෙන මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය සදහා රජයේ අනුමැතිය ලබා දී තිබෙන අතර, ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස රජයෙන් පවරාගත් ඉඩමක වැඩ ආරම්භ කර ඇත්තේ 2013 වර්ෂයේදීය. ‘මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජ්“ ලෙස සෞදි අරාබියේ රජුගේ නමින් නම් කර තිබුණු මෙය මේ වන විට “baticaloa campus“ ලෙස නම්කර ඇත. සෞදි අරාබි මූල්‍යාධාර ලබන “Hira Foundation“ නම් ආයතනයක් මෙයට අනුග්‍රහය සපයයි. 2013 වසරේ මෙම විශ්වවිද්‍යාලය සදහා ගිවිසුම් අත්සන් කිරීමට පැමිණියේ සෞදි අරාබි රජයේ ප්‍රධාන ශරීයා නීති උපදේශකයා වන ෂේක් යහාන් අබ්දුල් අසීස් අල් රෂීඩ් නමැත්තෙකි.

වසරකට උලමා පූජකයන් 1500ක්.. ශරියා නීති උපාධිය සැමට නොමිළේ 

වසරකට 1500 බැගින් දස වසරකදී “උලමා පූජකයන්“ හෙවත් ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් පහළොස්දාහක් බිහි කිරීම ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම පදනම් කරගනිමින් බිහිවන මෙම නව විශ්ව විද්‍යාලයේ මූලික අරමුණ වන අතර, ව්‍යාපාර කළමණාකරණය, වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඇතුළු විෂයන් කිහිපයක් යටතේ උපාධි පාථමාලා ක්‍රියාමක කිරීමටද යෝජිතය.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ශරීයා නිතිය පිළිබදව B.A.උපාධියක් (Bachelor of Arts in Sharia and Islamic Studies) හැදෑරීමට අවස්ථාව ලබා දීමයි. එම උපාධිය හදාරන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඉස්ලාමීය සංවිධාන හරහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.

ප්‍රධානියා ඒ ආණ්ඩුවෙත් ඇමති, මේ ආණ්ඩුවෙත් ඇමති

මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීත්වය දරන්නේ වත්මන් රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ය. මෙහි වැඩ ආරම්භ කෙරුණේ ඔහු පසුගිය රජයේ යෞවන කටයුතු අමාත්‍යවරයාව සිටිය දීය. අමාත්‍ය ධූරය හරහා මෙම ව්‍යාපෘතිය සදහා නොමදව රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට සහ රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට ඔහු කටයුතු කළේය. අමාත්‍ය ධුරයක් දරමින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රධානීත්වය දැරීමට ඔහුටත තිබෙන සදාචාරාත්මක අයිතිය පිළිබදව ගැටළුවක් මතුවන අතර, පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මේ දිනවල හඩ නගන පාර්ශව වල අවධානය බැටිකලෝ කැම්පස් සහ හිස්බුල්ලා අමාත්‍යවරයා දෙසට යොමු නොවුණේ ඇයිදැයි යන්න ද මතුවන්නේ ප්‍රශ්නාර්ථයකි.

ශරියා නීති උපාධියක් ලංකාවට ඇයි ?

ඉස්ලාමීය ශරීයා ආගමික නීතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක නීතියක් නොවන අතර එවන් පසුබිමක් යටතේ මෙරටට අනවශ්‍ය හා අදාල නොවන නීතියකට මෙරට තුළදී, මෙරට පුරවැසියන්ට නොමිළේ අධ්‍යන පාඨමාලාවක් හා උපාධියක් ප්‍රධානය කරනුයේ කුමන අරමුණකින්ද?  ඉස්ලාමීය ශරීයා (BA) උපාධිය පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දී තිබේද යන්න බලධාරීන් වහා හෙළි කළ යුතුය.

අන්තවාදයට බිහි දොරක්

කුරාණය පිළිබදව වැඩිදුර අධ්‍යාපනය සදහා ලංකාවට පැමිණි ඉන්දීය තරුණයන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක දී ISIS ත්‍රස්තවාදීන් සමග එකතු වී ඇති බව ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ හෙළිදරව් කර තිබිණි. ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරමින් සිටින බවද ඉන්දීය බුද්ධි අංශ මෙන්ම ඇමරිකානු බුද්ධි අංශද තහවුරු කර තිබේ. නැගෙනහිර පළාත ඉස්ලාමීය අන්තවාදයේ පාරාදීසයක් වී තිබෙන අන්තවාදී කල්ලි කණ්ඩායම් අතර නිරන්තර ගැටුම් වාර්තා වේ. එවැනි පසුබිමක් තුළ බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු විදේශීය රටවලින් පවා මුස්ලිම් තරුණයන් නැගෙනහිරට ගෙන්වා කුරාණය හා අන්තගාමී ශරීයා නීතිය පිළිබදව අධ්‍යාපනය ලබා දී ඔවුන් අන්තවාදී කටයුතු වල යෙදවීමේ අවදානමඉහළ යමින් පවති අතර,  මෙතෙක් කල් හොර රහසේ සිදු කළ ඉස්ලාමීය අන්තවාදී ප්‍රචාරණය විශ්ව විද්‍යාල, අධ්‍යනය ආයතනය හරහා නීත්‍යානුකූලවම ක්‍රියාත්මක කිරීමට උත්සහ කරමින් සිටී.

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ පූනානී හි ඉදිවෙමින් පවතින බැටිකලෝ කැම්පස් (මලික් අබ්දුල්ලා යුනිවසිටී කොලීජ්)

Related posts

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday

ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !

colombotoday

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

colombotoday

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday

නිවසක සිදුකළ වැටලීමකදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 08ක් අත්අඩංගුවේ

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin