Colombo Today Local News

හෙරෝයින් ග්රෑම් 4ක් ළඟ තබා සිටි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

හෙරෝයින් මත්කුඩු ග්රෑම් 4යි දශම 3ක් ළග තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

38 හැවිරිදි, තිදරු පියෙක් වන අදාළ පුද්ගලයා 2011 වසරේ අගෝස්තු මස 13 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දු ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කියා සිටියේ විත්තිකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

Related posts

හාමුදුරුවරු බය ගන්වන්න මැතිවරණ කොමසාරිස්ට බෑ… අතීතයේත් රජුන් තනන්න භික්ෂූන් මැදිහත් වුණා !

colombotoday

කෑගල්ලේ මාස 4කදි මී උණ රෝගීන් 250ක් – දෙදෙ‌නෙක් මරුට

colombotoday

උද්දමනය පහලට

Admin

සයිටම් ප්‍රධානියා හොර දොස්තර කෙනෙක් – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

මහරගමට පෙට් ස්කෑනරයක් ගන්න ටෙන්ඩර් දැම්මා.. මාස තුනකින් දෙනවා – රාජිත

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin