Colombo Today Local News

හෙට සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයට ස්ථාපිත කිරීම සඳහා ගෙන්වා ඇති දොඹකර තුන ඉදිරි පැය 24 ක කාලය ඇතුළත සවි කිරීම ආරම්භ කිරීම සිදු නොකළහොත් හෙට දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි.

දොඹකර මෙතෙක් සවිකර ඇත්තේ නැගෙනහිර පර්යන්තය සම්බන්දයෙන් එල්ල වන විදේශ බලපෑමක් මත බවත් එහි මෙහෙයුම් වහා ආරම්භ කිරීමට කටයුතු නොකළ හොත් පළමුවැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සියළු වෘත්තිය සමිති එක්ව තීරණය කළ බවත් ‍ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසයි.

ඉකුත් විසිවැනි දා ගෙන්වන ලද දොඹකර මෙතෙක් සවි කිරීම් ආරම්භ කර නැති බවත් දිනක ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් ලක්ෂ අනුව බැගින් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කරයි.

Related posts

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

Admin

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි පෙත්සමකට කාදිනල් අත්සන් තබයි.

colombotoday

එකම නිවසේ දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

Admin

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….

colombotoday

ඉන්දියන් දියර පොහොර ගෙන්වීම : ලංකාවේ රු. 1302.18 ක් වන නිෂ්පාදනය රු. 5230 ක ට මිලදී ගත්තේ කොමිස් මගඩියකටයි

colombotoday