Colombo Today Local News

පුතුන් පැහැර ගත්තේ ඉන්දීය හමුදාවයි – ශ්‍රී ලංකා හමුදාව නොවෙයි – වැල්වැටිතුරේ මවක්‌ කොමිසමට කියයි

indiaarmy

තම පුතුන් දෙදෙනා පැහැරගෙන ගියේ ඉන්දීය සාම සාධක හමුදාව යෑයි යාපනය වැල්වැටිතුරෙයි හි පදිංචි දමිළ මවක්‌ අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් යාපනයේදී කියා තිබේ.

ශ්‍රී ලංකා හමුදාව එම සිද්ධියට කිසිසේත් සම්බන්ධ නොමැති බැවින් ඒ පිළිබඳව ඉන්දීය සාම සාධක හමුදාව විමර්ශනයට ලක්‌ කරන ලෙසද එම මව කොමිසමෙන් ඉල්ලා ඇත.

1989 වසරේදී වැල්වැටිතුරේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන යමින් සිටි තම දරු දෙදෙනා ගැටුම් සමයේදී ඉන්දීය සාම සාධක හමුදාවෙන් රැගෙන ගිය බවද ඒ මව කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා ඇත. පැහැරගෙන යැමෙන් පසු දරු දෙදෙනාට සිදුවූ දේ කුමක්‌දැයි නොදන්නා බවද ඇය කියා තිබේ.

අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දින හයක්‌ තිස්‌සේ මෙම කොමිසම පැවැත්විණි. යාපනය දිස්‌ත්‍රික්‌කයේ එක්‌දහස්‌ හයසිය විසි දෙනකු මෙම කොමිසම හමුවට කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව කොමිසම හමුවේ නවසිය අනූතුන් දෙනකු සාක්‍ෂි ලබාදී ඇත. අතුරුදන් වූවන් පිළිබඳ තවත් පැමිණිලි 337 ක්‌ ලැබී ඇතැයි කොමිසම සඳහන් කරයි.

1989 වසරේ මෙරටට පැමිණි ඉන්දීය සාම සාධක හමුදාවද උතුරේ තරුණයන් පැහැරගෙන ඇතැයි මේ මවගේ සාක්‍ෂිවලින් හෙළිවී ඇත.

Related posts

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

වැඩ කරන්න බැරි වුණත් ආණ්ඩුව ආපහු දෙන්නේ නෑ… මට ඇමතිකමක් තිබුණාම ඇති

colombotoday

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ට්‍රම්ප්-මෛත්‍රී හමුවක්…

colombotoday