Colombo Today Local News

හිටපු ජනපතිට ගෞරවනීය තනතුරක් ඉල්ලුවේ නෑ

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිදහස් පක්ෂයේ සංවත්සර සමුළුව නොපැවැත්වීමට තිරණය කර තිබේ.

පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ මහජන ඒකරාශි කිරීමකින් තොරව එම උත්සවය වෙනුවට ආගමික කටයුතු බෙල්ලන්විල විහාරයේදී ලබන මස 02 වනදා පැවැත්වීමට තීරණය කළ බවය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෞරවනීය තනතුරක් ලබාදිය යුතු බවට කිසිදු ලිඛිත ඉල්ලීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඊයේ (27)දින පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහ ලේකම්වරයා පැවසුවේ එවැනි තනතුරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය යුතු බවට විශ්වාස කරන බවය.

Related posts

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

colombotoday

බැසිල්ට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ?

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin