පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගෙන ඉදිරියේදී සියලුම පාතාල කල්ලි ඉතා කෙටි කාලයකදී මර්දනය කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.
ඔහු මේ අදහස් පලකලේ ඊයේ (06) වවුනියාව පොලිස් සංකීර්ණයේ ඉදිකළ සාම චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කලේ නීතිය අතට ගැනීමට හෝ පොලිසිය පාලනය කිරීමට හෝ කිසිවකුටත් ඉඩ නොතබන බවයි.
පාතාල කල්ලි මර්දනය කිරීම නීත්‍යනුකූලව සිදු කරන බවත් ඒ සඳහා සුදු වෑන් වැනි නීති විරෝධී ක්‍රියා අනුගමනය නොකරන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.