Colombo Today Local News

මෙරට ගව ඝාතනය නතර කරයි. – සියලුම පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

ගව ඝාතනය නතර කිරීමට ක්‍රියා කරන ලෙස පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය, සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා පැවසුවේ රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණය අනුව ක්‍රියා කරන ලෙස පළාත් පාලන බලධාරින් දැනුවත් කළ බවය.

මේ සඳහා අවශ්‍ය පනත් 04ක් සංශෝධනය කිරීමට දැනට පියවර ගෙන ඇති අතර ඒවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ගව ඝාතනය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ගව ඝාතනය තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර ගත් තීරණය පිළිබඳව සියලුම පලාත් පාලන ආයතන දැනුවත් කර තිබුණ ද එම තීරණය ක්‍රියාත්මක නොවූ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

එබැවින් අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව කටයුතු කරන ලෙසත්, වෙනත් තීරණයක් ගැනීමෙන් වළකින ලෙසත් පළාත් පාලන ආයතනවලට, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය නැවත දැනුම් දීමක් කළ බව බොරලැස්ස මහතා පැවසුවේය.

Related posts

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday

“වියදම් ගැන මම බලාගන්නම්.. අපි මේක කරමු බොස්” – ඇලෝසියස්ගේ ගිණුමෙන් මකා දැමුණු පණිවුඩයක් හමුවෙයි

colombotoday

ව්‍යාජ වීසා හැදූ බත්තරමුල්ලේ කත අත්අඩංගුවට

colombotoday

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday