Colombo Today Local NewsUncategorized

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවට දීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරිය සතුව පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය ඊයේ(01)දින රාත්‍රී තීරණය කිරීමත් සමගයි.

අද(02)දින පෙරවරු 10.00 සිට සාමාන්‍ය පරිදි රාජකාරි ආරම්භ කරන බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වරාය වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවේය.

කෙසේ වෙතත් බටහිර පර්යන්තය සම්බන්ධ ඉදිරි යෝජනා පිළිබඳ අවධානයෙන් පසුවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට කැබිනට් සාකච්ඡා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ හිමි විය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කළ අවස්ථාවේදීම මෙම තීරණය ද ගත් බව විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා..

විශේෂයෙන්ම මීට පෙර මම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ලැබුණේ කැබිනට් මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය විසින් නම් කරන සමාගමක් සමග සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරන්න. කැන්ක් එකක්. ඒ සම්මුති කමිටුව පිහිටුවලා ඒ අය විසින් ඒ අදාළ සමාගම සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කළෙත් අපේ පර්යන්තය විකිණීමක්වත් බදු දීමක්වත් නෙවෙයි. ආයෝජනය කරලා හවුල් සමාගමක් විදියට යාමට. නමුත් අපේ කැන්ක් එකේ ඉදිරිපත් කරපු සාමාජිකයින් ඉදිරිපත් කරපු කොන්දේසිවලට කිසිසේත්ම ඒ අය එකඟ නොවන තත්ත්වයක් අපිට පැහැදිලිව පෙනුණා. ඒ නිසා ඒ කැන්ක් එක මට ඉදිරිපත් කරපු වාර්තාව අනුව මම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කරලා අපි තීන්චදුවක් ගත්තා නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම වරාය අධිකාරිය හැටියට ක්‍රියාත්මක කරන්න. අද ඒ කැබිනට් පත්‍රිකාව මම ඉදිරිපත් කළාම ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවුණා. බටහිර පර්යන්තයත් සමගාමීව පටන් ගන්නවා ඒ නිසා අපි ඒ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියන් රජයත් සමග සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙනුත් කැන්ක් එකක් පත් කළා ආයෝජකයෙක් ගෙනල්ලා ආයෝජකයෙක් එක්ක ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගැනීම සඳහා.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday

රජයේ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතිනවා – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

Admin

මුහුද යටින් කේබලයක්.. විදුලිබල පද්ධතිය ඉන්දියාවට අමුණයි.. විදුලියත් ඉන්දියාවෙන් !

colombotoday

බුදුන් වහන්සේට අපහාසකළ, අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් බදුල්ලේ ලොක්කා අත්අඩංගුවට…

colombotoday

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමකට එළඹීමට අපේක්ෂා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

බැදුම්කර වාර්තාවෙන් කිසිවෙක් වරදකරුවන් කර නෑ – කිරිඇල්ල

colombotoday