Covid 19World

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 
 
කොරෝනා වයිරස රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන් නගරයෙන් සහ ඊසාන දිග ජිලින් පළාතෙන් මෙම නව රෝගීන් වාර්තා වී තිබේ.
 
වුහාන් හි අගුලු ලිහිල් කිරීමෙන් පසු පළමු රෝගීයා අප්‍රේල් 03 වනදා වාර්තා වී ඇති අතර ඊයේ (11) වනවිට අලුතින් රෝගීන් පස් දෙනකු වාර්තා වී තිබේ. ඔවුන් එකම නේවාසික පරිශ්‍රයකින් වාර්තා වන බව බලධාරීහු පවසති.
 
රුසියානු සහ උතුරු කොරියා දේශ සීමා ආසන්නයේ පිහිටි ජිලින් පළාතේ ෂූලන් නගරයෙන් ද අලුතින් රෝගීන් 11ක් වාර්තා වී තිබේ.
 
වහාම ක්‍රියාත්මක වූ බලධාරීහු නගරය අගුලු දැමූ අතර හදිසි නීතිය ද ප්‍රකාශයට පත්කළහ. සියලු පොදු ස්ථාන වසා දැමීමට නියෝග කර ඇති අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට එක් පුද්ගලයෙකුට පමණක් පිටතට යෑමට අවසර දී ඇත.
 
කෙසේවුවද චීනය පසුගිය සතියේ පැවසුවේ රටේ සියලුම කළාප අඩු අවදානම් ප්‍රදේශ ලෙස නම් කරන බවයි.

අලුතින් රෝගින් වාර්තා වීමෙන් පසු අඩු අවදානමේ තිබූ ජිලින් පළාත මධ්‍යම අවදානම් මට්ටම දක්වා ඉහල දමා ඇත. පළාතේ පුළුල් ලෙස රෝගය පැතිර යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

ජිලින් පළාත් බලධාරීන් පවසන්නේ රෝගීන්ගේ සෑම සමීප සම්බන්දතාවයක්ම හා සැක සහිත සෑම පුද්ගලයෙක්ම සොයා ගන්නා බවයි.
 
පසුගිය පැය 24 තුළ චීනයේ අලුතින් රෝගීන් 17ක් වාර්තා වී ඇති අතර එය අප්‍රේල් 28 වනදායින් පසු එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.

ඒ අනුව මේ වනවිට චීනයෙන් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 82 918ක් දකුවා ඉහල ගොස් තිබේ.
 
චීනයේ කොරෝනා අසාදිත මරණ 4 633ක් සිදුවිය.
 
විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසු මිනිසුන් නිදහසේ ගමන් බිමන් යන විට ආසාදන වැඩි වීමට ඉඩ ඇති බවයි.

Related posts

ජෝර්දානය, ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන් කරයි

Admin

“මේ පැත්ත පළාතෙ එනු එපා“ – ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ට්‍රම්ප්ට අනතුරු අගවයි !

colombotoday

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !

colombotoday

කොරෝනාවෙන් තවත් දෙදෙනෙක් මරුට – මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

colombotoday

වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා..

colombotoday

බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට යුද ආධාර

colombotoday