Colombo Today Local News

සීඅයිඞීය කරන්නාගොඩගෙන් පැය 8 ක් ප‍්‍රශ්න කරයි

දෙමළ ජාතිකයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත  කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11 වැනිදා) පැය අටක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකට අනුව ඊයේ (11 වැනිදා) පෙරවරු 9.00 ට පමණ අද්මිරාල් කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පෙරවරු 9.00 සිට පස්වරු 5.00 පමණ වනතුරු පැය 8 ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.

දෙමළ ජාතිකයන් එකොළොස් දෙනකු පැහැරගෙන යෑම, අතුරුදන් කිරීම, තොරතුරු වසන් කිරීම, කුමන්ත‍්‍රණය, මිනිමැරීම ඇතුළු චෝදනා කීපයක් අද්මිරාල් කරන්නාගොඩ මහතාට එල්ල වී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියේය.

ඒ අවස්ථාවේ කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

අද්මිරාල් කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශ ලබා දෙන ලෙස උසාවිය ඒ මහතාට නියෝග කර තිබිණි.

අද්මිරාල් කරන්නාගෙඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම නියෝගය අනුවය.

Related posts

මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.

colombotoday

TNA පළුවක් ගැලවේ, විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්?

colombotoday

IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝ

colombotoday

දින කිහිපයකට පෙර මිය ගිය කතකගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

colombotoday

වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 7ක් සොයා විමර්ශන

colombotoday