Colombo Today Local News

සිවුරු, අදනකඩ, හමුදා ඇදුම් සමග මුස්ලිම් දෙදෙනෙක් වැලිමඩින් අල්ලයි…

වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සිවුරු, අදනකඩ සහ යුද හමුදා ඇඳුම් තොගයක් සමඟ මාංචු යුගළක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.

භික්ෂූන් වහන්සේලා භාවිතා කරන සිවුරු 7ක්, අදනකඩ 8ක්, කහ පැහැති තුවා 20ක්,  කහ පැහැති කොට්ටඋර 6ක්  සහ ගුවන් හමුදාව භාවිතා කරන කමිසයක්, හමුදා කැළෑ ඇඳුමක් හමුදා මුහුණු ආවරණ කිහිපයක්, මාංචු යුගලක්, හමුදාව කෑලෑ තුළදී භාවිත කරන ශරීර ආලේපන තොගයක් මොවුන් දෙදෙනා සතුව තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වැලිමඩ දඹවින්න හද්දාවුල ප‍්‍රදේශයේ පදිංචි හනීපා මෙහොමඩ සාරිෆ් නැමති පුද්ගලයෙකු හා වැලිමඩ බොරලන්ද පාර දඹවින්න පදිංචි මෙහොමඩ් තාහිර් මහරුෆ් නැමත්තෙකි.

වැලිමඩ පොලීසිය හා යුධ හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ. 

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

වැලිමඩ පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.

Related posts

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday

මුදල් කාරක සභාවට විපක්ෂයෙන් නාලක ගොඩහේවා

Admin

රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි

colombotoday

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

Admin

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

colombotoday