Colombo Today Local News

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

සැක කටයුතු පුද්ගලයෙකු හේතුවෙන් හොරණ, ගෝණපල පලන්නෝරුව මහා විද්‍යාලයේ නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන තිබේ.

අදාල පුද්ගලයා ඊයේ (07) රාත්‍රී පාර්සලයක් අතැතිව ප්‍රධාන දොරටුවෙන් පාසලට ඇතුළුවිමට උත්සහ දරා ඇති අතර පාසලේ ආරකෂක නිළධාරියා විසින් ඒ පිළිබඳ මව්පියන් සහ පොලිසිය දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය මෙන්ම මව්පියන් ද එක්ව එම සැකකටයුතු පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණ ද එම පුද්ගලයා සොයා ගැනිමට නොහැකි වී ඇති බව සදහන්.

අනතුරුව ආරක්ෂක අංශ විසින් එම පාසලේ පුළුල් සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති අතර ඇතිවූ තත්ත්වය හේතුවෙන් අද දිනයේ කිසිදු සිසුවෙකු පාසල වෙත පැමිණ නොතිබූ බවද වාර්තා වනවා.

Related posts

නුවරඑළියේ වැඩිම මනාප ජීවන් තොණ්ඩමන්ට

colombotoday

“ලංකාව අද ලෝකෙට විහිළු සපයන රටක් වෙලා.. අපට මොකද වුණේ“ – බෙල්ලන්විල නාහිමි

colombotoday

මන්නාරම් මිනී වළේ ඇමරිකානු කාබන් වාර්තාව වෙනුවට තමිල්නාඩුවේ වෛද්‍යවරයකු කොටි හිතවාදීන් ජිනීවා ගෙන යයි

colombotoday

ලංකා රජයට බලපෑම් කර ෆෙඩරල් අරන් දෙන්න.. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

සයිනයිඩ් කා මියගිය පළමු කොටියා දෙමළ සන්ධානය සමරයි

colombotoday

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Admin