Colombo Today Local News

සාමාන්‍ය පෙළ/උසස් පෙළ දී දහම් පාසල් සහතිකයට ලකුණු ලබාදීමේ වැඩපිළිවෙලක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලදී දහම් පාසැල් සහතිකයට ලකුණු ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

 කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් කඩිනමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. ඒ අනුව, අදාළ විභාගවලදී දහම් පාසැල් සහතිකයට ලකුණු 10 ක් පිරිනැමීමට සැලසුම් කර ඇති බව සඳහන්. ඉරිදා දිනවල පෙරවරු කාලයේ සහ පොහොය යෙදන දිනවලදී උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල සන්දේශයක් භාරදීමටද කටයුතු කරන බවයි ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday

හොරු අල්ලපු නිසා රජයේ ආදායම බිලියන 100කින් වැඩිවුණා – රාජිත

colombotoday

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday

අමරකීර්ති අතුකෝරල ඝාතනයට සැක 38ක් තවමත් රිමාන්ඩ්

colombotoday

සචිත්‍ර සේනානායක ඇපමත මුදා හරී

Admin

TNA මන්ත්‍රී කිලිනොච්චියේදී මරගෙන මැරෙන ‘කලු කොටි‘ සමරයි !

colombotoday