Colombo Today Local News

සජිත් ජනපති වුනානම් කොරෝනා දෙවැනි රැල්ලක් නෙයෙන බව පොහොට්ටු ජාතික ලයිස්තු අපේක්‍ෂක මුසම්මිල් කියයි

පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූයේනම් මෙරටට කොරෝනා දෙවැනි රැල්ලක් පැමිණෙනේනේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වූයේ නම් පලමු රැල්ලෙන්ම මෙරට බහුතරයක් ජනතාව මිය යනු ඇති බවයි.

දෙවන හෝ තෙවැනි රැල්ලක් ඉන් පසු පැමිණෙන්නේ නැතැයිද ඔහු සඳහන් කළේය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා යටතේ කොරෝනා සාර්ථකව පාලනය කර ඇති බවද කී ඔහු ලෝකය තුල තව දුරටත් කොරෝනා පවතින තත්වයක් යටතේ ඉදිරියේදී නැවතත් පැමිණීමේ ඉඩක් ඇතත් ඒවා ද පාලනය කරනු ඇති බවද කියා සිටියේය.

Related posts

තුර්කියේ භූ කම්පනයට හසු වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරක් නෑ

Admin

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ලකුණු 455ක් ඉදිරියෙන් සිටින ලංකාව

Admin

මැතිවරණයේ ප්‍රායෝගික නැති නීති හදලා තියෙන්නේ ඡන්ද කරපු අය නෙමෙයි-කිරිඇල්ල

colombotoday

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday