Colombo Today Local News

ශ්‍රීලනිප – පොදුජන පෙරමුණු අලුත් සන්ධානයක්… ‘පොහොට්ටුව‘ ඉවතට…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කර පිහිටුවන නව සන්ධානය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවත් ලකුණුද කිහිපයක් සලකා බලමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

නව සන්ධානය සඳහා නම් යෝජනාවේදී පක්ෂ දෙකේම නම් සමග කිට්ටු නමක් මේ වන විට සලකා බැලීමෙන් ඇති බව ද ඔහු සඳහන් කරයි.

දැනට වැඩි වශයෙන් අවධානය යොමුව ඇත්තේ නව සන්ධානයේ සලකුණ ලෙස ‘කුරුණිය’ යොදා ගැනීමට බවත් ‘චක‍්‍රායුධය’ යෝජනා වූ නමුත් එහි ඝණ පිහිටීම හොඳ නැති නිසා එය මදක් පසෙක තැබූ බවද ඔහු සඳහන් කළේය.

‘සල් මල’ සම්බන්ධයෙන් ද සලකා බලමින් සිටින බවත් ඔහු පැවසීය.

එසේම පිහිටුවන පක්‍ෂයේ ලකුණ පොහොට්ටුව නොවන බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන සමඟ සම්බන්ධ වෙමිනි.

Related posts

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

colombotoday

‘‘බෝන් එගේන්’’ (“Born again”) මූලධර්මවාදී ආගමට යටවුනු ශ්‍රී ලංකා ක්‍රිකට්

colombotoday

ජනාධිපතිතුමාගේ ඔලුවේ අසූචි දාන්න ආවොත් එජාපයට හොද පාඩමක් උගන්නනවා !

colombotoday

දේශීය කර්මාන්තකරුවන්ට කුඩම්මාගේ සැලකිළි.. රිෂාඩ්ගේ අමාත්‍යාංශය ගලවන්නැයි ඉල්ලයි…

colombotoday

කටාර් සිට සේවය නිම කර ආ කතක් ගුවන් යානය තුළම මිය ගිහින්

Admin

විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැති

Admin