Colombo Today Sports News

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ අවසාන තරගය ඊයේ කොළඹ එස්.සී.සී පිටියේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජෝ රූට් මුලින් පන්දුවට පහර දීමට තීරණය කලේය.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්තය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 336ක් රැස් කරනු ලැබීය.

එහිදී ජොනි බර්ස්ට්‍රෙව් විසින් අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණි.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ශාන් සදකැන් ලකුණු 95 කට කඩුළු 5ක් දවා ගත්තේය.

ඉන් පසුව පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම දිවා ආහාරයට තරගය නවතන් විට තම පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 76 ක් ලබා සිටිනවා.

ධනංජය සිල්වාත් දිමුත් කරුණාරත්නත් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

ඉෂාන් ප්‍රබෝධ

Related posts

මරදානේ දුරකතන අලෙවිසැලක් ගිනි ගනී

Admin

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday

රංගනගේ සුපිරි දග පන්දුවෙන් කොදෙව්වන්ට බර හානි

colombotoday

සනත්ට ලොකු වගකීමක්

Admin

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday

එංගලන්ත කෑමෙන් පසු මහ රෑ විදී දිගේ සිගරට් උරමින් සිටි කුසල් සහ දික්වැල්ල කණ්ඩායමෙන් දොට්ට

colombotoday