Colombo Today Local News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාව අද

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 40 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවක් අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ එම කොමිසමේ මහලේකම් මිචල් බැච්ලෙට් විසින්. 

එලෙස ඉදිරිපත් කරන වාර්ථාව හෙට දිනයේ  එම සැසිවාරයේ දී සලකා බැලීමටයි නියමිතව ඇත්තේ.

මෙම සැසිවාරයේ නියෝජනය කිරීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් පසුගියදා ජිනීවා නුවර බලා දිවයිනෙන් පිටත්ව ගියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කර ඇති මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාටයි.

එහි සෙසු සාමාජිකයන් ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.එන් පුල්ලේ යන මහත්වරුන් නම් කර තිබෙනවා.

මෙම නියෝජිත කණ්ඩායම ජිනිවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අසීස් මහතා සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය සමග එක්ව එම සැසිවාරයට සහභාගි වනු ඇති.

එම සැසිවාරයට මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට රජය විසින් සම අනුග්‍රහකත්වය ලබා දී තිබෙනවා.

Related posts

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

colombotoday

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday

ශ්‍රීලනිපය – පොදුජන පෙරමුණ සන්ධානගතවෙයි !

colombotoday

ජනපතිගේ දේශමාමක සළුපිලි අස්සේ අන්තගාමී අලි සබ්‍රි රිංගගෙන | අලි සබ්‍රි හදන්නේ රිෂාඩ් බදුර්දීන්ගේ කොඩිය ගන්න

colombotoday

සත්ත්ව ගොවිපොළකට පැන්න හොරෙක් ගුටි කා මරුට

Admin

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin