Colombo Today Local News

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

විවිධ කරුණු සඳහා මෙලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයන්ගේ පැමිණීම ඔක්තෝබර් මස 08,09 සහ 10 යන තෙදින තුළ අත්හිටුවීමට පියවර ගත් බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.

මේ අතර රටේ පවතින තත්ත්වය මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම ද අද (07දින සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

එසේ වුවද මහජනතාවට අවශ්‍යවන සියලුම බදු සේවා ලබාගැනීම සඳහා සියලුම සේවා මාර්ගගත ක්‍රමය (e – service)ඔස්සේ සපයාගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම පහසුකම් ලබාගැනීම සම්බන්ධ සියලු විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවිය (www.ird.gov.lk) ඔස්සේ සහ 1944 ක්ෂණික ඇමතුම් අංකය අමතා ලබා ගත හැකි බවද දැනුම් දෙයි.

Related posts

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකියි. | විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

colombotoday

උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

colombotoday

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

colombotoday

හමුදාවට භාර වූ කොටි සාමාජිකයන්ගේ නාම ලේඛණය අධිකරණයෙන් ඉල්ලයි

colombotoday